'වැහි බිත්තර' ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ දා


ගාමිණී කන්දේපොළගේ ‘වැහි බිත්තර’ නවකතාව ඇසුරින් නිර්මාණය වන ‘වැහි බිත්තර’ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්‍ද්‍රයේදී පසුගියදා පැවැත්වුණි. ඒ කලාකරුවන් රැුසකගේ සහභාගීත්වයෙනි.

ඩග්ලස් රණසිංහ, පෝෂිණී දිසානායක (හඳුන්වාදෙන), නිරෝෂා මෛත‍්‍රී, දිනාල් අසංක, කළණ ගුණසේකර ඇතුළු කලාකරුවන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති.

රවින්‍ද්‍ර ග‍්‍රීන් විලේජ් වෙනුවෙන් රවින්‍ද්‍ර ගෝමස් මහතා නිෂ්පාදනය කරන ‘වැහි බිත්තර’ ටෙලි නාට්‍යය ඒ.එච්. කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි. ගාමිණී කන්දේපොළගේ තිර රචනයකි. කීර්ති රත්නායක සම්බන්ධීකරණයෙන්ද, සමන් පනාපිටිය සංගීත අධ්‍යක්ෂණයෙන් ද සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන්ද සුනෙත් හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සරත් රණවීර වෙස් ගැන්වීමෙන්ද දායක වෙති. ගීත රචනය සුජිත් ප‍්‍රසංගගෙනි. වස විසෙන් මහ පොළොවත් සමාජයත් විනාශවීම හමුවේ මෙරට ගොවි ජනයා මුහුණ දෙන ඛේදවාචකයත් ඊට මුහුණදීමට ඔවුන් කරන අරගලයත් මේ කතාවට පසුබිම්ව ඇත.

 

2017-02-06-ent-08
2017-02-06-ent-09
2017-02-06-ent-10
2017-02-06-ent-11
2017-02-06-ent-12
2017-02-06-ent-13
2017-02-06-ent-14
2017-02-06-ent-15
2017-02-06-ent-16
2017-02-06-ent-17
2017-02-06-ent-18
2017-02-06-ent-19
2017-02-06-ent-20
2017-02-06-ent-21
2017-02-06-ent-22
2017-02-06-ent-23
2017-02-06-ent-24
2017-02-06-ent-25
2017-02-06-ent-26
2017-02-06-ent-27
2017-02-06-ent-28
2017-02-06-ent-29
2017-02-06-ent-30
2017-02-06-ent-31
2017-02-06-ent-32
2017-02-06-ent-33
2017-02-06-ent-34