'වැටුණු හෙලිකොප්ටරය එකපාර හදුනා ගන්න බෑ'


මුහුදු කොටි බලකා මූලස්ථානය පැවැති චලෙයි මුහුදේ සොයාගත් හෙලිකොප්ටරයේ සුන්බුන්වල ලුණු බැඳී ඇති හෙයින් එක්වරම එය හඳුනාගත නොහැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

යුද්ධය පැවැති සමයේ මුහුදු කොටි කදවුරට නිරුතුරුවම වාගේ ගුවන් ප්‍රහාර එල්ල විය.

ඒ සදහා එම් අයි 24, එම් අයි 17 ප්‍රහාරක යානාද යොදා ගැනිණි.

එම හෙලිකොප්ටරය අඩු ගණනේ අවුරුදු පහක්වත් මුහුද යට තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ.