‘නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාශීලිව කටයුතු කළ නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් ජනතාව උපහාර උත්සව පැවැත්වුවා. මෙච්චර හොඳට රාජකාරි කළ වාස් ගුණවර්ධන මහතාට මොකද වුණේ කියා ජනතාව අද ප්‍රශ්න කරනවා.‘ යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ තොරතුරු හා ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය කමල් වලේබොඩ මහතා පැවසීය.
වාස් ගුණවර්ධන මහතා මිනීමැරුමක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
මාහාචාර්ය වරයා එසේ පැවසුවේ මහජන මිත්‍රහීලි අභිමානවත් වෘත්තීය පොලිස් සේවාවක් යන සංකල්පය යටතේ ‘සියපත්විල‘ වැඩසටහනේ මාතලේ පොලිස් කොට්ඨාසයේ වැඩමුළුවක ප්‍රධාන දේශනය පවත්වමිනි.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව මාතලේ සංචාරක හෝටල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මහාචාර්යවරයා මෙසේ ද පැවසීය.
‘පොලිසිය හා ජනමාධ්‍ය දෙකක් නොව එකකි. පොලිසිය මෙන්ම ජනමාධ්‍යය ජනතාවට සහ රටට සේවය කරන අංශයක්. මානව ධර්ම වර්ධනයෙහි මෙන්ම ආර්ථික සමාජ හා සංස්කෘතික ක්‍රියාදාමවල කැපවී කටයුතු කරන මාධ්‍යවේදියා සමග පොලිසිය නිතරම අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුයි.
මාධ්‍යවේදියා සත්‍ය හෙළි කිරීමට, විවේචන කිරීමට, වරද දුටු තැන ඒ ගැන රටට හෙළි කිරීමට පැකිලෙන්නේ නැහැ.
වාර්තමානයේ පොලිසිය සමාජයේ සාමය ඇති කිරීමට කටයුතු කරනවා වගේම ඩෙංගු උවදුර මර්දනය කිරීම වැනි සේවාවලද නියැලී සිටිනවා. මේ නිසා පොලිසිය හා මාධ්‍ය අතර ඇත්තේ සමීප සම්බන්ධයක්.
පොලිස් රාජකාරිය වර්තමානයේදී විවිධ හේතු නිසා ජනතාවගේ විවේචනයට ලක්වී තිබෙනවා. ඒ තත්ත්වය දුරු කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා පොලිස්පති මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්.‘

