රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 105 කට ආසන්න ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟවී තිබේ.
මෙම ගිලන් රථ සේවාවේ පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යයි. පළමු සේවක කණ්ඩායම ඉන්දීය නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් ලබන බදාදා (10) පෙරවරුවේ බඳවා ගැනීමට නියමිතය.
සේවකයින් බඳවා ගැනීම සහ මෙම ව්‍යාපෘති පිළිබඳව විදේශ නියෝජ්‍ය අැමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග ඉන්දීය නියෝජිතයින් සහ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින නිළධාරීන් එක්ව ලබන බදාදා (10) උදෑසන 10.00 ට ඇතුළුකෝට්ටේ සිංහ සමාජ උත්සව ශාලාවේදී හමුවක් පැවැත්වීමට නියමිතය.

