සිරස "සුපර් ස්ටාර්" තුන්වැනි අදියරය තුළින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි රුක්මන් අසිත මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඔහුගේ අලුත්ම ගීතය වූ "රිදවලා හැරගියත්" තුළිනි. මේ වනවිට අසීමිත රසික ප්‍රතිචාර හිමිවෙමින් පැවසීමට ඔහු "තරුණයා" සමග මෙලෙස එක්විය.
අලුත් ගීතය ගැන මුලින්ම කතා කරමු?
"රිදවලා හැරගියත්" ගීතය විරහව සම්බන්ධව ලියැවුණ ගීතයක්. ලිව්වේ අජිත් කුමාරතන්ත්‍රිගේ. සංගීතවත් කළේ ඉසුරු වික්‍රම. රූප රචනාව නිර්මාණය කළේ ත්‍රී සිනමා වෙනුවෙන් ගීතය ලිව්ව අජිත් කුමාරතන්ත්‍රිගේ. මේ ගීතය එළිදක්වලා දින 3ක කාලයක් තුළදී ලක්ෂ 5කට වඩා වැඩි පිරිසක් නරඹලා තියෙනවා. මීට පෙර මා ගායනා කළ ගීතවලට වඩා තරමක් වෙනස් ගීතයක් මේක.
මේ ගීතය මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව?
මම හිතන්නේ මෙහි රූප රචනාව තදින්ම බලපෑවා ගීතය ජනප්‍රිය වෙන්න. ඊට අමතරව %රිදවලා හැරගියත්^ ගීතයේ පද ටික ලස්සනයි. මටත් මේ ගීතය ගායනා කරන කොටම මේ ගීතය ගොඩක් ජනප්‍රිය වේවි කියලා හිතුණා.
"රිදවලා හැරගියත්" ගීතයෙන් පස්සේ?
මගේම කියලා නිර්මාණයක් කරන්න නම් තවමත් සැලස්මක් නැහැ. නමුත්, මා හා මීනා ප්‍රසාදනි ගායනා කළ %කිසිදා නොපැතූ^ කියලා ගීතයක් එන්න තියෙනවා. මේ ගීතය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා විසින් නිර්මාණය කළ චිත්‍රපටයක ඇතුළත් ගීතයක්.
"අවු වැසි කියාලා" ඔබ කරපු වෙනස්ම නිර්මාණය ගැන කතා කළොත්?
ඔව්, මා කරපු වෙනස්ම ගී නිර්මාණයක් ඒක. වර්තමාන සමාජයේ සිදුවෙන සිදුවීම් අලළා තමයි මේ ගීතය නිර්මාණය වුණේ. අදටත් මේ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
එවැනි වෙනස්ම ආරේ නිර්මාණ ඉදිරියේදී කරන්න අදහසක් නැද්ද?
තියෙනවා. කාලය අරගෙන එවැනි සමාජයට ගැළපෙන හොඳ නිර්මාණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
නමුත්, අද නිර්මාණය වන ආදරය හා විරහව සම්බන්ධ ගීතත් එක්ක මෙම වෙනස් නිර්මාණය සමාජය පිළිගනියිද?
සමහරක් විට පිළිගනියි. මොකද, හැමෝම ආදරය හා විරහව සම්බන්ධ ගීතවලට කැමති නැහැ. තරුණ පිරිස තමයි ඒ ගීතවලට කැමතියි. ගීතවලට කැමති බොහෝ පිරිස් ඉන්නවා විවිධ වයස් කාණ්ඩවල. ඉතින් මම හිතනවා එහෙම වෙනස් නිර්මාණවලටත් කැමති පිරිසක් අද ඉන්නවා කියලා.
2009 වසරේදී ලැබුණ රසික ප්‍රතිචාර අදටත් රුක්මන්ට ලැබෙනවාද?
සිරස සුපර් ස්ටාර් තුන්වැනි අදියරය හරහා තමයි මම සංගීත ක්ෂේත්‍රයට ආවේ. අවසන් 10 දෙනා අතරට මම එවර තරගයේදී තේරුණා. සුපර් ස්ටාර් තරගය හරහා මට බොහෝ පිරිසක් අඳුන ගන්න ලැබුණා. ඒ අඳුනා ගැනීම් හරහා තමයි අද මට යම් තැනක් ගොඩනගාගන්න ලැබුණේ. එදා ලැබුණ රසික ප්‍රතිචාර අදටත් මට හිමිවෙනවා. නමුත්, ඒ රසික ප්‍රතිචාර මට ලැබෙන්නේ මගේ නිර්මාණ හරහා. ඒ නිර්මාණ ජනප්‍රිය වෙනවා නම්, රැක්මන් අසිත කියන කෙනාව මිනිස්සු අඳුනනවා.


