'රැන්ගොන්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු


2017-02-13-ent-114

අප්‍රේල් 24 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතින බවට තොරතුරු ලැබෙනවා. පසුගිය සති අන්තයේදී මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් ‘කොමඩි විත් කපිල්’ වැඩසටහන හරහා සිදු කෙරුණා.

කෙසේ වෙතත්, මෙම ප්‍රචාරක කටයුත්ත සඳහා ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සායිෆ් අලී ඛාන් සහභාගී නොවි තිබීම කැපී පෙනුණ සිදුවීමක්. කංගනා රනවුත් හා ෂාහිඩ් කපූර් දෙදෙනා මෙහි ප්‍රචාරක කටයුතු සඳහා එක්ව සිටි අතර, මෙම වැඩසටහන සායිෆ් එක් නොවී ඇත්තේ ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා බව වාර්තා වෙනවා.

 

 2017-02-13-ent-115