'රටට දේශප්‍රේමී නායකයකු ඕනෑ'


හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා එසෑණ සමගකොළඹ සිට දුරකථනයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක් විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයාය.

ප්‍රශ්නය - යුද්ධය අවසන් වී මේ වන විට වසර කිහිපයක් ගත වෙනවා,

රටේ ත්‍රස්තවාදි ක්‍රියා සිදු නොවුනත් පිටරටවල කොටි හිතවාදින් නොයෙක් විදියට ක්‍රියාත්මක වෙනවා. එංගලන්තය වැනි රටක ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයකට පවා මුහුණ දීමට නොහැකි ලෙස කොටි හිතවාදින් කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?

පිළිතුර -  ඇත්තෙන්ම කනගාටුදායක තත්වයක්. රටේ නොවෙයි රටින් පිටත් මෙවැනි ත්‍රස්තවාදි ක්‍රියා අපි හෙළා දකිනවා. බලධාරින් මෙවාට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි.

ප්‍රශ්නය -  හොඳයි රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් ලැබු  යුද ජයග්‍රහණයේ ඔබ ප්‍රධාන නියමුවෙක්. හමුදාවේ විනයක් ඇති කරමින් සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් සැලසුම් සකස් කරමින් ඔබ යුද්ධය මෙහෙයවුවා. එත් සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රණවීරුවාට සමාජය තුල නිසි ගෞරවය ලබා දෙමින් ඔවුන්ට චිත්ත ධෛර්ය ලබා දෙමින් ඔබට නිදහසේ තීරණ ගැනිමේ අයිතිය ලබා දෙමින් අවශය සියලු අයුධ ආම්පන්න සපයමින් ත්‍රස්තවාදය පරාජය කිරිමට නොබියව ඉදිරිපත් වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පෑමිණි විදෙස් බලපෑම් හමුවේ නොසැලි රට එක්සත් කිරිමේ සෘජු තිරණයේ හිටියා. ඔබ මෙය පිලිගන්නවාද?

 පිලිතුර - මෙතුවක් කල් රට පාලනය කල සෑම ජනාධිපතිවරයෙකුටම ත්‍රස්තවාදය පරාජය කිරිමේ අවශ්‍යතාව තිබුනා. ඇයි ඔවුන්ට එය කල නොහැකි වුයේ? ජේ ආර් ජයවර්ධන ජනපති කිවුවා සති දෙකෙන් යුද්ධය අවසන්  කර යුතුයි කියලා කරන්න පුළුවන් උනාද? ජනපති  චන්ද්‍රිකා මල්ටි බෑරල්. කාලතුවක්කු නවින අවි  යුද ටෑංකි හමුදාවට ලබා දුන්නා. මිග් කෆිර් ගුවන් යානාත් ගුවන් හමුදාවට නාවික හමුදාවට ඩෝරා යාත්‍රා සැපයුවා. යුද්ධ ජයගත්තාද? හමුදාවේ මානසිකත්වය හෑදිම ලේකම් කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එක හමුදා නායකයින් විසින් කල යුතු දෙයක්. සීත කාමර වල සිට යුද්ධ කරන්න බැහැ එකට යුද භුමියට යා යුතුයි. එහෙම කියනවානම් මුදල් අමාත්‍යංශයේ ලේකම්ටත් යුද්ධයේ ගෞරවය ලැබිය යුතුයි. ඇට මස් ලේ ජිවිත පරිත්‍යාගයෙන් රට මුදව ගත්තු රණවිරුවාටයි එහි. ගරුත්වය යා යුත්තේ.

ප්‍රශ්නය -  13වන ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන කරලියට ඇවිත්. පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම ඔබ අනුමත කරනවාද?

පිළිතුර -  නැහැ. අර ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාව කියමින් කෑලි සංශෝධනය නෙමෙයි කල යුත්තේ. මේ සම්පුර්ණ ව්‍යවස්ථාවම සංශෝධනය කල යුතුයි. රටෙ ඒකීය භාවය පිළිගත යුතුයි.

ප්‍රශ්නය - ඔබේ පක්ෂය පළාත්සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවාද?  ඒ සංධානයකින්ද ? නැත්නම් තනිවමද?

 පිළිතුර - අපි පක්ෂය ආරම්භ කරපු දාම තීරනයකට ආවා සංධාන ගත නොවෙන්නට. අපිට දැක්මක් තියෙනවා සැලැස්මක් තියෙනවා. ඒ අරමුණු අනුවයි අපි ගමන් කරන්නේ. රට ගොඩ ගැනිම අපේ අරමුණයි. රට පත් වී තියෙන මේ අවාසනාවන්ත තත්වය රට පාලනය කල සෑම පක්ෂයක්ම වග කිව යුතුයි. ඔවුන් තමයි මේ රට ආපස්සට ගෙන ගියේ.

ප්‍රශ්නය -  හොදයි ඔබ බලාපොරොත්තු වෙනවාද රටේ නායකත්වයට පත් වෙන්න.?

පිළිතුර - අපේ රට සමාජ හා අර්ඨික දියුනුවක් අති හොද තෑනකට රෑගෙන ආයුතුයි. ඒ සදහා දේශප්‍රේමී නයකත්වයක් අවශයි. එය ජනතාව තිරණය කළ යුතුයි. එතැන සිටිය යුත්තේ සරත් ෆොන්සේකාද නැත්නම් වෙන අයෙක්ද කියලා එදාට ජනතාව තිරණය කරයි.