යුද්ධය හේතුවෙන් යාපනයේ කානු පද්දති වසා දැමු යුදහමුදාවට, යුද්ධයෙන් පසුව එම කානු පද්දති යලි සකස් කර දීමට හැකි දැයි යුද හමුදාවගෙන් විමසීමට පියවර ගත්තා හැරෙන්නට යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්නට නොකියූ බවට උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් කියා සිටියේය.
යුද සමයේදී කොටි සංවිධානය විසින් කානු පද්දති යොදාගෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයන් හා විවිධ ප්‍රහාරයන් එල්ල කිරීම නිසා යුද හමුදාව යාපනයේ කානු පද්දති වසා දමි ඇත. දැන් යුද්ධය අවසන් වී ඇති නිසා කානු පද්දති යලි පිලිසකර කිරීමට හැකි දැයි තමන් යුද හමුදාවගෙන් විමසීමට පියවර ගන්නා බව උතුරු පලාත් සභාවේදී පැවසූ බවට විග්නේෂවරන් කියා සිටියේය.
යුද හමුදාව සම්බන්ධයෙන් තමන් වැරදි ප්‍රකාශයක් සිදු නොකළ බවටත් තමන් පිළිබඳ වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසට උතුරු මහ ඇමති ඉල්ලීම් කරයි.
‘‘අවුරුදු 67ක්ම පැවති ආණ්ඩු වලින් වගේම දෙමළ නායකියින්ගෙන් ද දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිසි විසඳුම් නොලැබුණු නිසාත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් කාරණා ඇතුල් කළ යුතු නිසාත් අපි දෙමළ ජනතා සභාව ආරම්භ කළා‘‘ යි උතුරු මහ ඇමති සී.වී. විග්නේස්වරන් පැවසීය.
ඔහු මේ බව කීවේ උතුරු පළාත් සභාවේ පැවැති මාධ්‍ය හමුවක් සිංහලෙන් අමතමිනි.
‘දෙමළ ජනතා සභාව මගින් දෙමළ ජතික සන්ධානය කඩාගෙන වෙනම පක්ෂයක් හැදීමේ කිසිම අරමුණක් නැහැ . මේ සම්බන්ධයෙන් පක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා හමුවි සාකච්ඡා කළා. ඔහුත් තේරුම් ගත්තා ප්‍රජාතන්ත්‍රවාදි රටක් හැටියට මිනිසුන්ගේ අදහස් දැන ගැනීම හොඳ දෙයක් බව. ඔහු කිව්වා අපි අතර කිසිම ප්‍රශ්නයක් නැති බව. නමුත් සමහරුන්ට ඕන අපි අතර ප්‍රශ්නයක් තියනවා කියා පෙන්වා අපේ පක්ෂය කඩන්න‘‘ යැයි ද විග්නේෂ්වරන් කීවේය.

