මොරගහකන්ද නැමැති අයිසින් තැවරූ කෙක් ගෙඩියෙන් ලග්ගලට ගැටළු රැසක් ඉතිරිවන බව එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිනි කවිරත්න මහත්මිය සඳහන් කළාය.
ලග්ගල නව පරපුරට ඉඩම්,නිවාස සහ රැකියා ප‍්‍රශ්නයක් පැමිණෙන බවත්, ලග්ගල හැමෝම රජයේ රැකියා සඳහා නොයන බවත් ගොවීන්ට වාරි මෙන්ම පානීය ජලය පිළිබඳ බරපතල ගැටලූ මතුවන බවත් ඇය පැවසුවාය.
'ලග්ගල ප‍්‍රදේශයෙන් බෝවතැන්න ජලාශයේ ජලයත්, වෑ මැඩිල්ල ජලාශයේ ජලයත් මේ වනවිට ලග්ගලින් පිටට රැගෙන යන බව ද ඇය මෙහිදි සඳහන් කළාය.අපිට වෙලා තියෙන්නේ වතුර දිහා බලලා හූල්ලන්න. මම යොජනා කරනවා ජනාධිපති තුමාට ලග්ගලට වාරි කර්මාන්තය සඳහා ජලය ලබාදීලා ඉවරවෙලා මේ වතුර ගෙනියන්න.'
'එහෙම නැත්තන් අපිට කියන්න වෙන්නේ ලග්ගල අපිට බිලි පිති ටිකක් දෙන්න මාළු අල්ලන්නැයි' යැයි ඇය සඳහන් කළාය.

