හෝමාගම පොලීසිය ඉදිරිපිට අතහැර ගොස් දමා සිටි කුඩා දැරියන් දෙදෙනෙක් හෝමාගම පොලීසිය විසින් අද (19) සොයාගනු ලැබුහ.
ගයනී සංජානා (08) සහ නවාංජා රුක්ෂානි (05) නැමැති හෝමාගම ප්‍රසන්නපුර ප්‍රදේශයේ පදිංචි සිටි සහෝදරියන් දෙදෙනා ඔවුන්ගේ පියා විසින් එහි අතරමං කරන්නට ඇතැයි කියයි.කඩේට ගිහින් එන බව පවසමින් පියා (53) ඔවුන් අතහැර ගොස් ඇත.
පියා කොළඹ ඇස් රෝහලේ සේවය කරන බවත් බිරිය දින කිහිපයකට පෙර නිවසින් පිටවී ගිය හෙයින් දරුවන්ද සමග රැකියාවට යෑමට නොහැකි නිසා දරුවන් පොලිසිය ළග දමා යන්නට ඇති බවත් පොලීසිය පවසයි.
වයස අවුරුදු අටේ දැරිය පිටිපන ප්‍රදේශයේ පැසලක තෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
පියා විසින් දැරියන් අතහැර යන අවස්ථාවේදි මවගේ දුරකතන අංක ලියු කොළයක් සහ කුඩා දැරිය පාසලකට ඇතුළු කිරීම සඳහා අවශ්‍ය අයදුම්පතක්ද දැරියන් අත තබා ගොස් තිබු බවත් එම දුරකතන අංකයෙන් මව (32) ඇමැතු අවස්ථාවේදී ඇය කුරුණෑගල ප්‍රදේශයේ සිට අද (19) පස්වරුවේ පොලීසියට පැමිණියාය.
පියා සොයාගැනීමට නැත. දැරියන් දෙදෙනා මව හෝමාගම උසාවියට ඉදිරිපත් කැර දැරියන්ගේ භාරකාරත්වය ගැන තීරණයක් ගැනීමට නියමිතය.