එෆ්.අස්ලම්
ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකර පාර්ලිමේන්තුව විසින් සම්මත යෝජනා පිළිනොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන මෛත්‍රී මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය විසින් පාඩමක් උගන්වනු ඇති බවත් ඒ සදහා කාලයද පැමිණ තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළ කර සිටියේය.
අල්ලස් දූෂණයෙන් ඒකාධිපතීත්වයෙන් රටක පාලනයක් තීරණය කරන්න බැහැ.මේ කාරණා තුනටම නම් දරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් එකතු වෙලා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරනවා.බල තන්හාවෙන් මොවුන් රට අගාදයට අරගෙන යනවා.රටේ ආර්ථිකය වැටී ප්‍රශ්න සහගත තත්වයකට පත්වෙලා තියෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දීත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීත් අන්ත පරාජයකට ලක්වුණු විපක්ෂයේ අසුන් ගෙන සිටි මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා කුමන ආකාරයෙන් අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමුවේද කියල අපිට තවමත් තේරුම් ගන්න බැහැ.
ඒකාධිපති ආණ්ඩුවට තිත තබන බවට සහතික වෙලා රටේ ජනතාවගේ ඡන්ද වරමෙන් ජනාධිපතිධූරයට පත්වුණු මෛත්‍රීපාල සිරිසේන ඒ ජනතාවගේ වරමට ද්‍රෝහී වුණා.පසුගිය ඔක්තෝබර් 26 සිට අද පටන් තමන් කරපු සහ කරන්නට යන ක්‍රියාවන් සාධාරණයි කියල පෙන්වන්නට ජනාධිපතිවරයා උත්සහා දරනවා.මෙයට කාලය විසින් පිළිතුරු බදිනු ඇති.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට ගරු නොකරමින් උත්තරීතර පාර්ලිමේන්තුවේ යෝජනාවන් පිළිනොගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ලැජ්ජා සහගත ලෙස පාලනය ගෙන යන මෛත්‍රී මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය විසින් පාඩමක් උගන්වනු ඇත. ඒ සඳහා කාලය ද මේ වනවිට පැමිණ තිබෙනවා. ඒ වගේම ගරු අධිකරණය ද මේ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති යැයි ද සම්බන්ධන් මහතා පැවසීය.

