"මුහු වූ ලේ බිඳු" නමින් නව ගීත නිර්මාණයක් රසිකයන් වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන ඔහු "Randy’s Audio House" නම් ශබ්දාගාරයක් පවත්වාගෙන යයි. ඔහු ගයාන් රැන්ඩි පෙරේරාය.
පැමිණි ගමන්මග
පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. පාසලේ සංගීත කවයට තමයි මම මුලින්ම නිර්මාණ කළේ. ඒ 2008 වර්ෂයේදී. පසුව මට %ජිප්සීස්^ සුනිල් පෙරේරාගේ ස්ටූඩියෝ එකේ වැඩ කරන්න ලැබුණා. 2010 වර්ෂයේ සිට වසර දෙකහමාරක් පමණ මම එහි සිටියා. එහිදී බොහෝ නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්න මට ලැබුණා. ගොඩක් අත්දැකීම් ලබාගත්තා. අද වනවිට මගේම ස්ටූඩියෝ එකක වැඩ කරනවා.
මේ දිනවල
මේ දිනවල රොමේෂ් සුගතපාලගේ සංගීත කණ්ඩායමේ තේමාගීතය නිර්මාණය කළා. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රුචිර මදුෂාන් කියන මල්ලිට "හැරදා ගියත්" කියන ගීතය නිර්මාණය කළා. මේ දිනවල එහි රූප රචනා සිදුවෙනවා. දෙරණ ඩ්‍රීම්ස්ටාවලට සහභාගි වුණ කිහිපදෙනෙකුට ගීත නිර්මාණය කළා.
"මුහුවූ ලේ බිඳු" කියන ගීතය ඉදිරියේදී අහන්න ලැබෙයි. එහි පදරචනය සජිත් අක්මීමනගෙ. තනු සහ සංගීතය මම නිර්මාණය කළේ. මා සමග මේඛලා ගමගේ ගායනයෙන් සහය වෙනවා. රූප රචනාවක් එයට නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
මතක් කළ යුතු?
මගේ දෙමවුපියන්, මිත්‍රයෙකු වන සජිත් අක්මීමන, යශස් මැදගෙදර, ...... මිත්‍ර සංකල්ප, දිලීප රොඩ්ද්‍රිගු යන අය මතක් කරනවා.
රංගන මධුසංඛ