සංගීත ක්ෂේත්‍රය නවකයන්ගේ ආකාර්ෂණයට නතුවන්නේ ඉතා වේගයෙනි. එහි ඇතිවූ විවිධ පරාසයන් ඔස්සේ සංගීත ක්ෂේත්‍රයට දිනෙන් දින එක්වෙන නවක ගායක, ගායිකාවන් ප්‍රමාණය අතිවිශාලය. මෙලෙසින් සංගීත ක්ෂේත්‍රයේ දොරගුලු විවෘත කරගත් නවපරපුරේ යොවුන් ගායකයෙකු ලෙස ප්‍රසාද් අබේකෝන් හඳුන්වාදිය හැකිය. මේ දිනවල ඔහුගේ අලුත්ම ගීතය වන "මරතෝන්ඩි රාටා" ගීතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතී.
"මරතෝන්ඩි රාටා" කියන්නේ මගේ තුන්වැනි මියුසික් වීඩියෝව. මේක මගේම නිර්මාණයක්. සංගීතවත් කළේ ඩිල්ශාන් එල්.සිල්වා. මියුසික් වීඩියෝව නිර්මාණය කළේ "ෆැන්ඩෝරා ඩිජිටල්" ආයතනය. මේ ගීතය අද රැල්ලෙන් බැහැර වූ වෙනස්ම ආරේ ගීතයක්. මුස්ලිම් ජාතික තරුණියක් හා සිංහල තරුණයෙක් අතර ඇතිවුණ ආදර සම්බන්ධයක් පිළිබඳව තමයි මේ ගීතයෙන් හා එහි රූප රචනාවෙන් කියැවෙන්නේ. ඒ නිසාම මේ ගීතයට මේ වනවිට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ වනවිට "යූ ටියුබ්"වෙබ් අඩවිය තුළින් 50,000කට අධික පිරිසක් මේ ගීතය නරඹා තියෙනවා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.
කීබෝඩ් වාදනයට මෙන්ම ගිටාර් වාදනයටද දක්ෂයෙකු වන ප්‍රසාද් සංගීතයට අත්පොත් තබා ඇත්තේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයෙනි. කවි නිර්මාණයට දක්ෂයෙකු වන ඔහු මේ වන විට ගීපද රචනයට යොමුව සිටියි. සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට ගීපද රචනා නිර්මාණය කරන්නටද කැමැත්තක් දක්වන ප්‍රසාද් මේ වන විට එම කර්තව්‍යයේද නියැලී සිටියි.
"මම දැනට ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒත්, මම රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ දැනට රූපවාහිනී, එෆ්.එම්. නාළිකාවල හා අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක තියෙන "මරතෝන්ඩි රටා" ගීතයෙන්. මම හිතන විදිහට මේ ගීතය මේ තරම් සාර්ථක වෙන්න හේතුව එයට දායක වෙච්ච පිරිසගේ දක්ෂතාවයි. "මරතෝන්ඩි රාටා" ගීතයට නන් අයුරින් දායකත්වය සැපයූ සැමට මේ වෙලාවේදී මම තුති පුදකරන්න කැමතියි. මේ ගීතයෙන් පස්සේ මා තවත් ගීත නිර්මාණ කිහිපයකටම යොමු වෙන්න සූදානමින් සිටිනවා. එම ගීතත් ඉතා ඉක්මනින් මගේ රසික, රසිකාවියන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා."