ඩුබායිහි දෙසැම්බර් 07 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන ‘ඩුබායි ෆිල්ම් ෆෙස්ටිවල්’ සිනමා උලෙළ සඳහා යශ්රාජ් චිත්‍රපට සමාගමේ චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කිරීමට එම ආයතනය අවසර ලබාදී තිබෙන බව සඳහන් වේ.
එහි විශේෂත්වය වන්නේ දෙසැම්බර් මුල් සතියේදී බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය අරඹන ආදිත්‍ය චොප්රාගේ ‘බේපික්රේ’ චිත්‍රපටයද මෙම සිනමා උලෙළ සඳහා ඉදිරිපත් කර තිබීමයි. යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය තිරගත වීමට පෙර මෙම සම්මාන උලෙළේදී පෙන්වීම බොහෝ පිරිසකට පුදුමය දනවන කාරණයක්ද මතුව ඇත.
රන්වීර් හා වනී කපූර් රඟන ‘බේපික්රේ’ චිත්‍රපටයට අමතරව යශ්රාජ් චිත්‍රපට සමාගමේ ‘කාබුල් එක්ස්ප්‍රස්’, ‘රොකට් සිං’ හා ‘ලේඩිස් වස් රිකී බාල්’ චිත්‍රපටද මෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.