'බාර් බාර් දේකෝ' අසාර්ථකයි


2016-09-26-ent-10

කත්‍රිනා කයිෆ් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා ප්‍රධාන චරිත නිරූපණය කළ නිත්‍යා මෙහෙරාගේ "බාර් බාර් දේකෝ" චිත්‍රපටය මේ වසරේ තිරගත වූ අසාර්ථක චිත්‍රපට ගොන්නට එක්වුණා. චිත්‍රපටය තිරගත වීමට පෙර බොහෝ දෙනෙකු මෙම චිත්‍රපටය සුපිරි චිත්‍රපටයක් වනු ඇති බවට ඉඟිපළ කළද "බාර් බාර් දේකෝ" චිත්‍රපටයට වියදම් වූ නිෂ්පාදන මුදලද සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

තවමත් ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවතින මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන "කෝයි මෝයි" වෙබ් අඩවිය චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 54ක මුදලක් වැය කරමින් නිම කළ මෙම චිත්‍රපටය මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් උපයා ගැනීමට හැකියාව ලැබි ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක්.

පසුගිය සැප්තැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය මෙසේ අසාර්ථක වීමට හේතුව වී ඇත්තේ වීක්‍රම් භාට්ගේ "රාස් - රීබුට්" හා අනුරුද්ධා චෞද්‍රරිගේ "පින්ක්" චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වීමයි.

 

2016-09-26-ent-09
2016-09-26-ent-08