නිල්වලා වීඩියෝ ටීම් වෙනුවෙන් උපුල් ජයසිංහ විසින් නිෂ්පාදන කොටප්‍රකට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "පැහැසරා"ටෙලි නිර්මාණය පසුගියදා සිට සෑම සතියේ දිනකම රාත්‍රි 8.55ට සිරස ටී.වී. ඔස්සේ විකාශය කෙරේ.
"ලාල් නිවස" පාරම්පරික සුවිසල් නිවසකි. මෙහි වාසය කරන සේන විදානගමටත්, නිරෝධාටත් සිටින්නේ දියණියන් තිදෙනෙකි. උපමාලි, මානවි සහ පැහැසරා නම් එම දියණියන් තිදෙනා සහ මිත්තනිය වන විමලා ඉස්කෝලෙ හාමිනේත් මෙම නිවසේ වාසය කරති.
සේන විදානගම දිසාපති කාර්යාලයේ නිලධාරියෙකු වන අතර, ඔහු කහවත්තේ මැණික් පතලක් පවත්වාගෙන යයි. එහි කටයුතු සොයාබලන්නේ මුදන්නායක සහ කරුණාපාලයි. විශාල වටිනාකමකින් යුත් මැණිකක් හිමිවන දිනයකදී සේන විදානගම අබිරහස් ලෙස මිය යයි. මැණික කවුරුන් අතට පත්වූයේදැයි කිසිවෙකුත් නොදනී.
නිරෝධා ගුරුවරියකි. දැඩි ආත්ම ශක්තියක් ඇති ඇය දියණියන් තිදෙනා සහ මව සමග නිවසේ තනිවෙයි. වැඩිමහල් දියණිය නීති ශිෂ්‍යාවකි. කුසල් නමැති නීති ශිෂ්‍යයා ඇගේ ආදරය දිනාගැනීමට කොතෙක් උත්සාහ කළද, ඇය එයට එකඟ නොවන්නේ තම පවුලට එක්වන පිරිමින්ට අසුබ කලදසාවක් උදාවෙතැයි පවතින මතය නිසාය. මානවී කාංචන සමගප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යයි. කාංචනගේ දෙමවුපියන් එයට එරෙහිවන්නේ ඇගේ පවුලට එක්වීමෙන් තම දරුවා අකාලයේ මියයතැයි පවතින බිය නිසාය. අවසානයේදී පහන්දි නමැති යුවතිය සමග කාංචන විවාහ වෙයි. දරු ප්‍රසූතියේදී පහන්දි මියයන අතර, කාංචන දරුවා සමග තනිවෙයි. අවසානයේදී කාංචනගේ දෙමවුපියන් මානවීට ආයාචනා කර කාංචන සමග මානවීගේ විවාහය සිදුකරයි. මානවී දරුවාට මවක් වුවද කාංචනට බිරිඳක් නොවේ.
බාල දියණිය පැහැසරාගේ ප්‍රේමය අපේක්ෂා කරන්නේ වෛද්‍යවරයෙකු වන දේවින්දය. දේවින්ද යනු සේන විදානගම යටතේ සේවය කළ මුදන්නායකගේ පුතණුවන් බව පසුව දැනගනී. එය දැනගත් පසුව පැහැසරාට දේවින්ද සමග එක්වීමට නිරෝධා අවසර දෙයිද?
මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ රචනා කරනලද "පැහැසරා"හි විශ්ව කොඩිකාර, මහේෂි මධුසංකා, රම්‍යා වනිගසේකර, ගිහාන් ප්‍රනාන්දු, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගාමිණී හෙට්ටිආරච්චි, මාධනී මල්වත්ත, වොල්ගා කල්පනී, ආනන්ද අතුකෝරල ආදීහු රංගනයෙන් දායක වෙති.







