උතුරු පළාත් සභාව හැර සෙසු සියලූ පළාත් සභාවල ප‍්‍රතිපාදන මෙවර අයවැයෙන් කපා හැර ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා අද (16) මාධ්‍ය හමුවක දී පැවසීය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 22 වැනි දා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනපති සියලූ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.
බස්නාහිර පළාත් සභාවට පසුගිය අයවැයෙන් වෙන් වූ පුනරාවර්ථන වියදම්වලින් රුපියල් මිලියන 5000ක්, ප‍්‍රාග්ධන වියදම්වලින් මිලියන 2800ක් ඇතුළු රුපියල් බිලියන 9කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් කපා හැර ඇති බවත් උතුරු පළාත් සභාව හැර සෙසු පළාත් සභාවලට ද මේ ආකාරයෙන් ප‍්‍රතිපාදන කපාහැර ඇති බව ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.