මාතලේ පල්ලේපොල රෝහලේ ඉදිකළ ගොඩනැගිල්ල හා තවත් ගොඩනැගිලි හතරක් වසර 16 ක් පුරා පාචිච්චි නොකර කැලේ ට ගොස් ඇතැයි ප්‍රදේශවාසිහු කියති. දැනට වවුල්ලු එහි නේවාසිකයෝ වී සිටිති.
මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන මේ රෝහලේ ගොඩනැගිලි පිළිබඳව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශාන්තිනි සමරසිංහ පැවසූවේ තමන් සේවයට ඉන්නට පෙර සිටම මේ තත්ත්වය පැවැති බවයි. මේ පිළිබඳව ලිපි ගොනුවක් හෝ සොයා ගන්නට නැති බවයි. එම රෝහලේ ස්ථාන භාර දොස්තර දිලානි කරුණාසේන මහත්මිය කීවේ මේ පිළිබඳව සියළු දෙනා දැනුවත් කර තිබෙන බවයි.
ජනතාව කියා සිටියේ ජනතා මුදල් විනාශයක් පමණක් සිදු වී ඇති බවයි.

![pallepola_03[1]_4](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_031_4.png)
![pallepola_05[1]_9](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_051_9.png)
![pallepola_06[1]_7](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_061_7.png)
![pallepola_07[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola_071.png)
![pallepola1_0jpg[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/pallepola1_0jpg1.png)
