මේ දිනවල රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකාවල විකාශය වන්නා වූ "නොදැනෙනව නම්" වූ ගීතය පිළිබඳව තරුණ පරපුර අතර යම් කතාබහක් ඇති වී තිබෙන්නේ වර්තමානයේ නිර්මාණය වන්නා වූ බොහෝ ගීත අතරින් මෙහි යම් වෙනසක් ඇති හෙයිනි.
වරනදේව නාරායන අතින් නිමැවුණු මෙම ගීතය සංගීතවත් කළේ ෂෙනාල් මද්දුගේගෙනි. චතුර රත්නායකගේ රූප රචනය මෙම ගීතයට නැවුම් භාවයක් එක්කර ඇති බව මෙම රූප රචනය බලන ඕනෑම අයකුට හැඟීයනු ඇත. පංචාල රත්නායකගේ හඬින් නිර්මිත මෙම ගීතය කාගේත් සිත් පැහැරගැනීමට සමත් වී තිබේ.
කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන පංචාල රත්නායක සංගීතය හදාරමින් සිටියි. විශාරද පළමුවන අදියර දක්වා පැමිණ ඇති ඔහු ඉදිරියේදී තවත් ගීත කිහිපයක් නිර්මාණය කිරීමේ අපේක්‍ෂා‘වෙන් පසුවෙයි. එකී ගීතද වර්තමානයේ නිතර ඇසෙන්නාවූ ගීතයන්ගේ ශෛලයෙන් බැහැරව අර්ථවත් ලෙස නිර්මාණය කිරීම ඔහුගේ අපේක්ෂාව වී තිබේ.
හැඩගැන්වීම - සමන්ත ගුණසේකර ඡායාරූප - මිහිර බණ්ඩාර


