ඉහළ උසාවි විනිසුරුවරයකුගේ දෙහිවල කළුබෝවිල නිවසේදී විනිසුරුගේ පොලු පහරට ලක් වු බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවා ඇත.
පිළිමතලාවේ එච් පී සි ලක්මාල්ගේ අතට පපුවට හා හිසට පොලු පහර වැදී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.කුණුහරපයෙන් බැන වැදුණු විනිසුරු පොලු පහර එල්ළ කළ බවත් ඔහු පොලීසියට කියා තිබේ.

