'නඩු දාන්න අල්ලස් කොමිසමට බලයක් නෑ'


ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ කොමිසමට අධිකරණ බලයක් නැතැයි ඔහුගේ නීතීඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කුරුණු දැක්වීය.

ද ෆිනෑන්ස් සමාගමේ කොටස් නීති විරෝධී ලෙස මිලට ගැනීම සඳහා රුපියල් කෝටි 39ක් වැය කිරිමෙන් රජයට පාඩු කළැයි කාරියවසම්ට එරෙහිව නඩු පවරා ඇත.

උසාවිය ආරම්භයේදීම කොමිසම තුන්වැනි සංශෝධිත චෝදනා පත්‍රය ද ඉදිරිපත් කළේය.

සාලිය පීරිස් මහතා ඊට විරෝධය දැක්වීය.