'ධීවර උද්ඝොෂණය පිටුපස දේශපාලන හස්තයක්' - ධීවර ඇමති


හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ පැය තුනක් පුරා හිර වී සිටි විදේශීය සංචාරකයෝ 55 දෙනෙක් කළුතරට යවනු ලැබූහ. හලාවත ගමන අවලංගු කර කළුතරට යැමට ඔවුනට විශේෂ බස් දෙකක් සපයා දීමට  පොලීසිය සමත් විය. හලාවත කොළඹ මාර්ගයේ ගල් කන්ද රේල් ගේට්ටුව අවහිර කිරීම නිසා පැය 8 ක් තිස්සේ ගමනාගමනයද ඇනහිට ඇත. ධීවර අධ්‍යක්ෂ එහි යන බව ඔවුනට දන්වා ඇතත් ධීවර ඇමති එනතුරු උද්ඝෝෂණය නතර නොකරන බව උද්ඝෝෂකයෝ කියති.

තහනම් කළ දැල් වෙනුවට වෙනත් දැල් සපයා දීමට සියලු ක්‍රයාමාර්ග ගෙන තිබියදී දේශපාලන හේතු මත මීගමු උද්ඝෝෂණ අරඹා ඇතැයි ධීවර ඇමති ප්‍රකාශ කළේය.