'දෝනි' චිත්‍රපටයට කෝටි 20ක්


2016-10-06-ent-54

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ නිරාජ් පණ්ඩේගේ ‘එම්.එස්. දෝනි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදී ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලක් උපයාගන්නට සමත් විය.

එය මේ වසරේ සල්මාන් ඛාන් හා අනුෂ්කා ෂර්මා රඟපෑ ‘සුල්තාන්’ චිත්‍රපටයට පසුව තිරගත වූ පළමු දිනයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්වන්නට සමත්ව ඇත.

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිතය අලළා සැකසුණ මෙම චිත්‍රපටය භාෂා 5කින් හඬකවා ඇත. සුශාන්ත් සිං හා කීරා ආද්වානි ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ ඔවුන්ට අමතරව තවත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වී ඇත.