'දෙමළ සන්ධානෙ ප්‍රකාශනය රට බෙදීමටයි'


දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ජාතිවාදී ලියැවිල්ලක් බවත්, නැවත වරක් බෙදුම්වාදය ඇති කිරීමට වෑයම් කරන බව බවට එම ප්‍රකාශනයෙන් සැකයක් මතුවන බවත් සියලු දෙනාම අවධියෙන් සිටිය යුතු බවත් යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා හොරණදී පැවසීය.

‘මේ රට සියලු දෙනාටම අයිතියි. අහවල් ජාතියට අහවල් ප්‍රදේශය අයිති යැයි වෙන් කිරීමක් නෑ. දෙමළ සන්ධානෙ ලියැවිල්ලෙන් නිජ බිම් ගැන කතා කරනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමක් ගැන කතා කරනවා. සවයං පාලනයක් ගැන කතා කරනවා. එයින් ඉඟි කරන්නේ කුමක්? තව කෙනෙක් කියනවා අයුධ අතට ගත යුතු යැයි කියා. එයින් අපට දෙන සිග්නල් එක හොඳ නෑ.‘