'දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ'


2016-10-25-ent-03

තවමත් ඉන්දියාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශයන් වල තිරගත වන "දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ" චිත්‍රපටය පසුගිය සති අන්තයට තිරගත වි වසර 21ක් ගතවි තිබෙන බව සඳහන් වේ. එදා මෙදාතුර බොලිවුඩයේ වැඩිම කාලයක් තිරගත වු බොලිවුඩ් චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්වෙන මෙම චිත්‍රපටයේ ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක විය.

සිනමා සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇති මෙම චිත්‍රපටය නිල නොලත් වාර්තා සඳහන් කරන්නේ "දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ" චිත්‍රපටය මේ වසර 21ක තුළදී ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් උපයාගෙන ඇති බවය. එහෙත්, මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්නොවන්නේ මෙම මුදල් උපයා ගැනීම තවමත් නිශ්චිත මට්ටමින් සිදු නොවන බැවින් බව සඳහන් වේ.