'දරුවන්ගේ කඳුළු පෙන්වා සංවර්ධනය අඩාල කරන්න එපා'


       කුඩා දරුවන්ගේ කඳුළු පෙන්වමින් බස්නාහිර පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ අඩාල නොකරන ලෙස විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටින බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (24) පැවැසීය.

       පුළුල් කරන ලද කිරුළපන ඞී.එම්. කොළඹගේ මාවත ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (24) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ කරුණු කීවේය.

       කොළඹ නගරයේ කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් එම සංවර්ධන වැඩපිළිවෙළ ජනහිතකාමී ලෙස සිදුකරන බවත් බස්නාහිර සංවර්ධන සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේය.

IMG_0150 IMG_2948 IMG_2956 IMG_3007