ලාංකේය කාන්තා වාද්‍ය වෘන්ද ඉතිහාසයේ පළමු තාල වාද්‍ය කණ්ඩායම වන "තූර්යා" වාද්‍ය වෘන්දය"තුර්යා ලයිව් ඉන් ඉලම්බෝ 2016" නමින්එළඹෙන 06 වැනිදා රාත්‍රී 7.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සමරු රඟහලේදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.
මෙම වාද්‍ය වෘන්දය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුවියන් 10 දෙනෙකුගෙන් සමන්විත අතර, දේශීය බෙර වාදන කලාවන්ට අදාළ ගැටබෙර, යක්බෙර,දවුල්,තම්මැට්ටම් සමග අපරදිග ඩ්‍රම්ස්,කොංගෝ සහ තබ්ලා යන වාද්‍ය භාණ්ඩ සියල්ල භාවිත කරමින් මෙම ප්‍රසංගය සංගීතවත්කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
සිතාරා මධුවන්ති (නායිකා),තාරුකා සෙව්වන්දි,නදීකා අසුරනාද,චාමිනී අනුරුද්ධිකා,සඳුනි චතුරංගි,ශලිනි යශෝධා,ශෂිනි සිරිවර්ධන,චේතනී රත්නායක,චතුරිකා සඳරුවනි සහ ඔශීන් සචිනි තුර්යා තාල වාද්‍ය වෘන්දයේ සාමාජිකාවෝ වෙති. සංගීත අධ්‍යක්ෂණය ශ්රීයාන් චන්ද්‍ර‘සේකරගෙනි.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ Lovely professional universityහීදී පැවැත්වුණු 18 වැනි ජාත්‍යන්තර කාන්තා ගැමි නැටුම් තරගාවලියේ සමාරම්භක උලෙළ සහ සමාප්ති උලෙළ නියෝජනය කරමින් එහි වාදනය කිරීමටද ඔවුන් විශේෂ ආරාධනාවක් ලැබ තිබේ. එසේම ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශයත්, චාරු කැස්ට්ලෝ කලා පදනමත් එක්ව සංවිධානය කළ එම ජාත්‍යන්තර තරගයේ හොඳම සංගීතයට හිමි සම්මානය දිනාගැනීමටද "තුර්යා" සමත් විය.
එමෙන්ම වෙනත් භාණ්ඩ යොදා නොගනමින් මිනිස් සිරුර ආශ්‍ර‘යෙන් උපදවාගත හැකි ශබ්ද යොදාගෙ නිර්මිත "ගෝත්‍ර නාදය" අංගයද මෙහිදී කැපී පෙනේ."ගන්ධබ්බී" නම් තවත් අංගයක් එම ප්‍රසංගයේ ඉදිරිපත් කෙරෙන අතර, ලීලාවතී රාජ සභාවේ තේවාව පැවැත්වීමේ අවස්ථාව තාල වාද්‍ය භාවිත කරමින් ඉදිරිපත් කිරීම සුවිශේෂී වෙයි. ඉතා අපහසු සහ අප්‍රකට මෙම ශබ්ද වෙනත් මානයකින් ශ්‍රවණය කිරීමට සැලැස්වීම එහි ඇති අපූර්වත්වයයි. මේ සඳහා ලංකාවේ භාවිතයට ගැනුණු සාම්ප්‍රදායික බෙර පමණක්ම යොදාගැනීමද විශේෂත්වයකි.
බටහිර ඩ්‍රම්ස් වර්ග,කොංගෝ සියල්ලම එකතුවෙන් සැකසුණු මිශ්‍ර වාදනයක්ද ඔවුන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ස්පාඤ්ඤ සංගීතය ඇසුරින් නිර්මාණය කරන ලද වාද්‍ය අංගයක්ද, "ෆ්‍රේම් ඩ්‍රම්" නමින් හැඳින්වෙන තවත් වාද්‍ය අංගයක්ද මෙහිදී දැකගැනීමට හැකිවනු ඇත.