'ඩීයර් සින්දගී' කෝටි 100 පනී


2016-12-11-ent-75

ෂාරුක් ඛාන් හා ආලියා භාට් රඟන ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය ලොව වටා ප්‍රදර්ශනය වෙමින් මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ. පසුගිය නොවැම්බර් 26 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් උපයා ගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 73.85ක මුදලකි.

කෝටි 27ක මුදලක් විදෙස් රටවල්වලදී ප්‍රදර්ශන කරමින් මෙම චිත්‍රපටය උපයා ගෙන ඇත. කෙසේ වෙතත්, විචාරකයන් පවසන්නේ චිත්‍රපටය තිරගත කළ මුල් දින කිහිපයට පසුව එය නරඹන්නට එතරම් ප්‍රේක්ෂක උනන්ඳුවක් තිබී නොමැති බවයි.

මෙය ෂාරුක් ඛාන් මේ වසරේ රංගනයෙන් දායක වූ දෙවැනි චිත්‍රපටය වන අතර, ඔහුගේ මිළඟ චිත්‍රපටය වූ ‘රායිස්’ ජනවාරි 06 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත.

 

2016-12-11-ent-76
2016-12-11-ent-77