'ඩියර් සින්දගී' ප්‍රචාරක පටය නිකුත් වෙයි


2016-09-21-ent-70

 

ගෞරි සින්දේගේ කුලුඳුල් බොලිවුඩ් සිනමා නිර්මාණය වන "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කරනු ලැබීය. බොලිවුඩයේ "කිං ඛාන්" ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් මෙහි ප්‍රධාන නළු චරිතයට පණපොවන අතර, ඔහු සමගින් ඔහුට වඩා වයසින් අඩකටත් වඩා බාල ආලියා භාට් ෂාරුක්ගේ සිනමා පෙම්වතිය ලෙස එක්ව සිටියි.

ආදිත්‍ය රෝයි කපූර්, කුනාල් කපූර් හා අලී සෆර් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. දැනට නිකුත් කරනු ලැබූ මෙහි ප්‍රචාරකපටයට ඉහළ රසික ප්‍රතිචාර හිමිව ඇති බවට තොරතුරු ලැබේ. "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රචාරක පටය නිකුත් වීම හේතුවෙන් ලබන මාසයේදී තිරගත වීමට නියමිතව ඇති රන්බීර්, අයිශ්වර්යා හා අනුෂ්කා රංගන "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රචාරක පටයට අඩු රසික අවධානයක් හිමිව ඇත.

එහෙත්, ගැටලුවකට ඇත්තේ "ඩියර් සින්දගී" චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයේදීම විද්‍යා බාලන් රංගන "කහානි" දෙවැනි චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට සූදානම් කර තිබීමයි. ෂාරුක් මේ වසරේ රඟපෑ "ෆැන්" චිත්‍රපටය අසාර්ථක වීම හේතුවෙන් තරමක් සිය චිත්‍රපට ගැන සැලකිලිමත්වී සිටින බවට තොරතුරු ලැබේ.