නොවැම්බර් 22 වැනිදා තිරගතවීමට නියමිත "ඩියර් සින්දගී" චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය. මේ වන විට බොහෝ පිරිසක් නරඹනන්ට උනන්දු වී ඇති මෙම ප්‍රචාරක පටය "යූ ටියුබ්" වෙබ් අඩවියෙන් පමණක් දින 3ක් තුළදී මිලියන 8ක පිරිසක් නරඹා ඇති බව වාර්තා සඳහන් කරයි.
"සන්ටා බන්ටා" වෙබ් අඩවිය පවසන්නේ මෙම චිත්‍රපටයට මේ වන විට ඇති ප්‍රේක්ෂක උනන්දුව වැඩි වී තිබෙන බවයි. ෂාරුක් ඛාන් හා ආලියා භාට් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ ආදිත්‍ය රෝයි කපූර් හා කුනාල් කපූර් ද රංගනයෙන් දායක වෙති. මෙය ෂාරුක් මේ වසරේදී රංගනයෙන් දායකවන දෙවැනි චිත්‍රපටය වීමද විශේෂත්වයකි.