පසුගිය දිනවල කාශ්මීරයේ මනාලිහි රූපගත කළ කබීර් ඛාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයේ රූපගත කිරීම් නවතා දමා නැවතත් සල්මාන් ඛාන් මුම්බායි නගරයට පැමිණි බව සඳහන් වෙනවා. ඔහු එසේ ‘ටියුබ්ලයිට්’ රූපගත කිරීම් නවතා දමා පැමිණ ඇත්තේ ඔහු විසින් ඉදිරිපත් කරන ‘බිග් බෝස්’ 10 වැනි වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා බව සඳහන්.
මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා සල්මාන්ට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ගෙවන්නට ‘කලර්ස්’ සැටලයිට් රූපවාහිනි නාළිකාව කැමැත්ත පළකර තිබෙන බවද සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයේ තවත් රූපගත කිරීම් කිහිපයක් ඉතිරිව තිබියදී සල්මාන් ඒවා අවලංගු කොට නැවතත් මුම්බායි නගරයට පැමිණ ඇතැයි සඳහන්.