මේ වනවිට වැඩ නිමවෙමින් පවතින කබිර් ඛාන්ගේ %ටියුබ්ලයිට්^ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුත්තක් පසුගියදා ඉන්දියාවේ මනාලිහි සිදුකරනු ලැබීය. මෙහි විශේෂත්වය වන්නේ මුහුදු මට්ටමින් අඩි 12,000ක උස් තැන මෙහි රූපගත කිරීම් කටයුතු සිදුකර තිබීමය.
දින 15ක් පුරා පැවැති මෙහි රූපගත කිරීම් අධික ශීතගුණයක් සහිතව සිදුකළ බව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කබීර් ඛාන් පවසා ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සල්මාන් ඛාන්ට මෙම රූපගත කිරීම් සිදුකිරිමේදී තරමක් වෙහෙසට පත්වූ නමුදු චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන චීන ජාතික සූ සූට මෙම දේශගුණය වඩාත් ඔරොත්තු දී තිබුණ බව සඳහන් වේ.
මෙම චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිතය.