හාට් කප් 2 ජිකෝ විවෘත කරාටේ ශූරතාවලිය වෙන්නප්පුව ශ‍්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මේ මස 27 වෙනි දින පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය.
කාතා සහ කුම්තේ තරග ඉසව් ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ කණ්ඩායම් අංශවලින් පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරග වදිති.
සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා කුසලානය, අනුශූරතා කුසලානය දක්ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව සඳහා ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරනමයි.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සංගමය සහ ජිකෝ ශ‍්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.