ජනයි ප්‍රියයි කියන දෙන්නව අද නොදන්න කෙනෙක් නැහැනේ. සමාජ වෙබ් අඩවි වල නිරන්තර වශයෙන් කතාබහට ලක්වන මොවුන් දෙදෙනාගේ වීඩියෝවක් නොබලපු කෙනෙක් නම් ඉන්න විදිහක් නැහැ. කොහොම හරි කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්. ඉතිං ඒ දෙන්නගේ එක්කෙනෙක් වන ජනා හදීසි අනතුරකට ලක්වෙලා අස්ථි බිදීමක් සිද්ධ වෙලා. ඉතිං ඒ ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කරලා තිබුණේ මේ විදිහටයි.
"ජනයි ප්‍රියයි බලන අපිට ආදරේ කරන හැමෝමට කියන්න තියෙන්නෙ ටිකක් දුක හිතෙන කතාවක්...13 රෑ වෙච්ච අනතුරකින් ජනාගේ වැලමිටේ අස්ථි බිදීමක් වුනා...දැනට එයාට ඔපරේෂන් එකක් කරල තියෙන්නෙ...ඉතින් ටික දවසකට අපේ වීඩියෝ බලා ගන්න ඔයාලට බැරි වෙයි...අපිට ආදරේ කරන හැමෝම ජනාට ඉක්මන් සුවය පතමු....තෙරැවණ් සරණයි..."
පසුගියදා එළිදැක්වූ ඔවුන්ගේ නවතම වීඩියෝව

