බොලිවුඩ් සිනමා නිර්මාණ හරහා නිතර දකින්නට නොලැබෙන ජනප්රිය මෝස්තර නිරූපිකා පුනම් පාණ්ඩේ "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සමග එක්වෙමින් පවසා ඇත්තේ තමාට ජනප්රිය "ඛාන්" හෝ "කපුර්" නළුවෙකු සමග චිත්රපට රංගනයක් සඳහා තමා දැඩි ලෙස කැමැත්තෙන් පසුවෙන බවයි. "නෂා" නම් වූ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්රපටයක රඟපාමින් බොලිවුඩ් සිනමාවට එක්වූ පුනම් මේ වනවිට රංගනයෙන් දායක වී ඇත්තේ චිත්රපට අතළොස්සකි.
එහෙත්, නිතර අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටිමින් වැඩි පිරිසකගේ කතාබහට ලක්වන ඇය පසුගිය කාලයේදී ඉන්දීය ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් වෙනුවෙන් නිරුවත් වීමටද සුදානම් වු පුවතක්ද ඇයගේ ජනප්රියත්වය වැඩි කිරීමට සමත්ව තිබුණි.