චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, සිනමා නළුවෙකු මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වඩාත් ජනප්‍රිය කරන් ජෝහර්ගේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේ පස්වැනි අදියරයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවන බව සඳහන්. ‘කොෆි විත් කරන්’ සිවුවැනි අදියරය පසුගිය වසරේ මුල් භාගයේදී නිමාවූ අතර, පසුව එම වැඩසටහන නවතා දමන්නට ප්‍රකට ‘ස්ටාර් වර්ල්ඩ්’ හා ‘ස්ටාර් ප්ලස්’ ඉන්දීය සැටලයිට් නාළිකා තීරණය කර තිබුණා.
කෙසේ වෙතත්, මේ දිනවල නැවතත් එම වැඩසටහන ආරම්භ කරන්නට එම සැටලයිට් නාළිකා කටයුතු කර ඇති අතර, එහි රූපගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.
කරන් පවසන්නේ, වර්තමානයේ බොලිවුඩ් සිනමාව තුළ නවකයන් බොහෝ පිරිසක් තරු බවට පත්ව සිටින නිසාවෙන් මෙම වැඩසටහන නැවතත් ආරම්භ කරන්නට තමන්ට අදහසක් පහළ වූ බවයි. ‘කොෆි විත් කරන්’ වැඩසටහන ලොවපුරා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රිය වූ වැඩසටහනක්.