පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජිවත්වීම සඳහාත් , දේශපාලන කටයුතු කිරිම සඳහාත් ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ , වෘත්තිය සමිති බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරින් සහභාගී වන මාධ්‍ය සාකච්ජාවක් අද (05) පෙරවරු 11 ට මරදාන, ඩීන්ස් පාරේ, සමාජ හා සාමායික කේන්ද්‍රයේදී පැවැත්විණි.
කුමාර් ගුණරත්නම්ගේ පවුලේ සාමාජිකයන් ද ඊට සහභාගී වූහ.
කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාදෙන්නේ නම් ඔහුගේ ඕස්ට්‍රේලියා පුරවැසිභාවය ඉවත්කරගැනීමට සූදානම් බවද එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසීය.
(වීඩියෝ - අතුල දේවප්‍රිය)

