'ක්‍රිෂ්' අලුත්ම චිත්‍රපටයට නිළියක් තෝරයි


2016-10-03-ent-99

ලබන වසරේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයට නිළියක් සොයමින් සිටින බව සඳහන් වේ.

මුලින් මෙම චිත්‍රපටයට ‘ක්‍රිෂ්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ප්‍රියංකා චොප්රා තෝරා ගන්නා බවට ඉඟි පළ වුවද ඇය හොලිවුඩ් සිනමා කර්මාන්තයට සම්බන්ධ වීමත් ඉන් ඇති කාර්යබහුලත්වයද සමගින් මෙම චිත්‍රපටයට සම්බන්ධ වීමට ඇති කාලය අඩු බවත් සඳහන් වීම නිසා මෙසේ මෙම චිත්‍රපටයට අලුත් නිළියක් සම්බන්ධ කරගැනීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වී තිබේ.

ඒ අනුව මෙම චිත්‍රපටයට ප්‍රියංකාට අමතරව ප්‍රධාන නිළි චරිතයට අනුෂ්කා ෂර්මා, ජැකලින් ෆර්නැන්ඩස්, කත්‍රිනා කයිෆ් හා දිපීකා පදුකෝන්ගේද නම් මෙම චිත්‍රපටයට යෝජනා වී තිබේ. චිත්‍රපටයට ලබන වසරේ රූපගත කිරීම් ආරම්භ කළ මෙය තිරගත කිරීමට සූදානම් කර ඇත්තේ 2018 හෝ 2019 වසරේදී බව සඳහන් වේ.