කොට්ඨාස ක්‍රමයට හෝ සමානුපාතික ක්‍රමයට හෝ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පළාත් පාලන ආයතන නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටීති.
එන ඕනෑම ක්‍රමයකට රාජපක්ෂ කෙනෙකුගේ නායකත්වය යටතේ වෙනත් බලවේගයක් ඔස්සේ එම මැතිවරණය ජය ගැනීමට කටයුතු කරන බව ද ඔවුහු කියති.
එක්සත් ජනතා නිදහස් සංවිධානයට බලය හිමිව තිබූ පළාත් පාලන ආයතන රැසක් සභාපති හිටපු සභාපතිවරු පිරිසක් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඒ බව කියා සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා නමුත් ඒ මහතාට ද නොදැනෙන ආකාරයෙන් ශ්‍රීලනිපය දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක එජාපය නිරතව ඇති බවට චෝදනා කළ ඔවූහු ගමේ ජනතාව තාමත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය ඉල්ලා සිටින බැවින් එතුමාගේ ආශිර්වාදය මත නව බලවේගය ගොඩ නඟන බවද කීහ.


