'කබීර් හෂීම් වෘත්තීයවේදීන්ගෙන් සමාවගත යුතුයි'


වෛද්‍යවරුන්ටත්, වෘත්තීයවේදීන්ටත් අපහාස වන අයුරින් අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් තම මතය කුමක්ද යන්න ආණ්ඩුවට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් වහා රටට හෙළි කළ යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පාදඩයින් ආදී වචන භාවිතා කරමින් අගමැතිවරයා වෘත්තීයවේදීන් අමතද්දී තමන් පාදඩ පක්‍ෂයක් නොවන බව පෙන්වීමට නම් එක්සත් ජාතික පක්‍ෂ ලේකම් කබීර් හෂීම් මහතා වෘත්තීයවේදීන්ගෙන් සමාව ගත යුතු බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂය කඩාගෙන ගිය බවට එස්.බී දිසානායක අමාත්‍යවරයා කරන චෝදනාවල කිසි`දු සත්‍යතාවයක් නැතැයි කී අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්‍ෂ මහතා කිසි දිනෙකත් එක්සත් ජාතික පක්‍ෂය දිනවීමට හෝ වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීමට කටයුතු නොකළ බවද ස`දහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ බොරැල්ල, ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

IMG_0152