'කබිල්' ආදර කතාවක්


2016-11-01-ent-30

එළැඹෙන 2017 වසරේ ජනවාරි 26 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති සංජය ගුප්තාගේ ‘කබිල්’ චිත්‍රපටය ආදර කතාවක් බව එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන රිතික් රෝෂන් පසුගියදා මාධ්‍යයට පවසා ඇත.

‘කබිල්’ ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කළ අතර, රිතික් එහිදී මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වුවද එහි සුන්දර ආදර කතාවක් අන්තර්ගතව ඇති බවයි.

රිතික් රෝෂන් සමගින් මෙහි සුරූපි යමී ගෞතම්ද රංගනයෙන් දායක වන අතර, ඔහුන් දෙදෙනා බොලිවුඩ් සිනමා තිරයේ පෙම්වතුන් ලෙස පෙනී සිටින පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම රිතික්ගේ පියා මෙහි නිෂ්පාදනයෙන් සහාය වන අතර, ඔහු හා රිතික් දායක වන නමවැනි බොලිවුඩ් චිත්‍රපටයද මෙය වීම විශේෂත්වයකි.

 

2016-11-01-ent-31