(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කඳුකර ප්රදේශවල තැනින් තැන ගිනිතැබීම් වැඩි වී තිබෙන්නේ යැයිද මෙයින් දැඩි පරිසර හානියක් සිදුවෙමින් තිබෙන හෙයින් ඊට වගකිව යුතු පුද්ගලයන්ට දැඩි ලෙස නීතිය ක්රියාත්මක කළ යුතුව ඇතැයි බදුල්ල දිස්ත්රික් මන්ත්රී සුදර්ශන දෙනිපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉකුත් දිනෙක රාවනා ඇල්ල ප්රදේශයේ ගිනි ගැනීමක් සිදු වූ බව කී මන්ත්රීවරයා ළමයි කිහිප දෙනෙකු එම ගිනි තැබීම කර ඇති බව පසුව වාර්තා වූ බව කීය.
මෙවැනි දේට මැදිහත් නොවන ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීම පාසල් මට්ටමින් කළ යුතුව ඇතැයි කී මන්ත්රීවරයා මෙවැනි ගිනි තැබීම් නිසා ගහ කොළ විනාශ වනවා සේම සතුන්ද මිය යන බව සඳහන් කළේය.
සතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස ගිනි තැබීම් කරන බව වාර්තා වී තිබෙන්නේ යැයිද ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් ගිනි නිවීම කරන විට විශාල වියදමක් යන බවද දෙනිපිටිය මහතා කීය.

