ඇඹිලිපිටිය නගරයේ සිටි ගායනය ක්‍ෂේත්‍රයට පැමිණි මොහු ජනක ශ්‍රී ය. ඔහු කළ 'ඔයාට තරම්' පළමු ගීතයෙන්ම ජනතා ප්‍රසාදයක් ලබා ඇති අතර, ඒ පිළිබඳව හා ඔහුගේ තොරතුරු පැවසීමට 'සාරවිට' සමගින් මෙලෙස කථාබස් කළෙමු.
ඔබ ගැන පුංචි හැඳින්වීමක් කරන්න?
මම ජනක ශ්‍රී. මගේ පදිංචිය ඇඹිලිපිටිය. වයස අවුරුදු 22යි. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි, මම තමයි පවුලේ වැඩිමලා.
සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්න හිතුවේ ඇයි?
මගෙ පොඩි කාලෙ ඉඳන්ම තිබ්බ ආශාවක් නිසා තමා මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න මූලිකම හේතුව වුණේ.
ඒ කියන්නේ ඔබ සංගීතය පිළිබඳ හැදෑරීමක් කරලා නැද්ද?
මම පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරලා තියෙනවා. නමුත් එතැනින් ඉදිරියට හදාරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ඔබගේ ගීතය පිළිබඳව කතාකළොත්?
දැනට මාස හයකට විතර කලින් 'ඔයාට තරම්' කියලා ගීතයක් කළා. එහි පදරචනය රොෂාන් පෙරේරා අයියා, සංගීතවත් කළේ පැතුම් කුරේ අයියා. ඒ වගේම මේ ගීතය සඳහා දායකත්වය දුන්නේ මියුසික් ලංකා වෙබ් අඩවියෙ කැලුම් චාමර අයියා. ඊට අමතරව 'මගෙ විතරයි ඔයා' කියලා තවත් එක් ගීතයක් කළා. එය මේ මාසයේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
ඔබගේ පළමු ගීතය සඳහා ලැබන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. අද කාලේ මියුසික් වීඩියෝවක් නැතිව මිනිස්සු අතරට යන්න ගොඩක් අමාරුයි. ඒත් මම වීඩියෝවක් නැතිවම ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුවෙනවා.
ඔබට මේ සඳහා පවුලේ අයගෙන් ලැබෙන සහාය මොනවගේද?
පවුලේ අයනම් මේ මම ගායනයට යොමුවෙනවට කැමති නැහැ. අපි ඉන්නේ ගොඩක් ආර්ථික අපහසුතා මැද. ඉගෙනීම් කටයුතු කරන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා විදියට මට වගකීම් ගොඩක් තියෙනවා. ඒ නිසා මම පවුලේ අයට කරදර නොකර හොයාගන්න මුදලෙන් මගේ සංගීත වැඩකටයුතු සඳහා වියදම් කරනවා. මගේ ගමන හෙමින් ගිහින් අම්මාට, තාත්තාට උදව් කරන්න තමයි මගේ අරමුණ.
ඒ කියන්නේ ඔබ වෘත්තීය මට්ටමේ ගායකයෙක් වෙන්නද බලාපොරොත්තුව?
අද කාලේ අපි වගේ කෙනෙක්ට වෘත්තීය ලෙස ගායනය තෝරගන්න අමාරුයි.
ඔබ එසේ පවසන්නේ ඇයි?
ගීතයක් නිර්මාණයට, ප්‍රචාරයට ලොකු මුදලක් වැය වෙනවා. ඒ සඳහා වියදම් කරන්න ලොකු මුදලක් අප සතුව නෑ.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
සංගීතය පිළිබඳව හැදෑරීමක් කරමින් ගායනයෙන් හැකිතරම් දුරයන්න බලාපොරොත්තුවෙනවා. අම්මටයි තාත්තාටයි උදව් කරමින් හොඳින් බලාගන්න ඕන.
ඔබේ ගමනට උදවු කළ මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
පළමුවෙන්ම මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ අය මතක් කළ යුතුයි. මගේ පළමුවැනි සිංදුවට උදවු කළ සහ තවමත් මට උදවු කරන කැළුම් චාමර අයියා, ශහිල් හිමංස අයියා, මනෝජ් අයියා, අනු අයියා, උපේක්ෂා සෙව්වන්දි අක්කා, නිම්නා අක්කා වගේම මගේ පංතියෙ යාළුවො, මගේ ෆේස්බුක් යාළුවො ආදරෙන් මතක් කළ යුතුයි වගේම, ඒ හැමදෙනාටම ස්තුතිවිය යුතුයි.
දිනිත් කණිෂ්ක


