ගායන ක්‍ෂේත්‍රයට දිග්විජය කිරීමට සැරසෙන මොහු මනෝජ් සංජයයි. ඔහු රියැලිටි ෂෝ හරහා ගායන ක්‍ෂේත්‍රය පිවිසුණද මේ වනවිට ඔහු සංගීත කණ්ඩායමක් සමග එක්ව කටයුතු කරමින් සිටියි. එපමණක් නොව, ඔහුගේ අලුත්ම ගීතය වන ‘ඔයා වගේ තව කෙනෙක්’ සඳහා රසික ප්‍රතිචාර ලැබෙමින් පවති අතර, ඒ පිළිබඳව හා ඔහුගේ ඉදිරි කටයුතු පිළිබඳව කථාබස් කිරීමට ‘සාරවිට’ සමගින් එක්කාසු වූ මොහොතකි මේ.
ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළොත්?
මම මනෝජ් සංජය. මගේ පදිංචිය ගාල්ල, බූස්ස ගම්මානයේ. මගේ පවුලේ අම්මා, තාත්තා ඇතුළු මට මල්ලිලා තුන්දෙනෙක් ඉන්නවා. අම්මාගෙන් සහ මාමාගෙන් තමයි මට Musicවලට ලොකු සහායක් ලැබෙන්නේ. Rhythm Fm Battle Of the Voice තරගයට සහභාගි වී මම 4 වැනි ස්ථානය දිනාගත්තා.මම හික්කඩුව ශයිනි සංගීත කණ්ඩායමත් සමග එකතු වී වැඩකටයුතු කරගෙන යනවා.
දැන් ඔබේ සංගීත දිවියට කොපමණ කාලයක් වෙනවද?
තවම අවුරුදු දෙකයි.
ගායකයෙක් වීම කුඩාකාලයේ සිට තිබුණු හීනයක්ද?
මම ගායකයෙක් වෙන්න හිතුවෙ නෑ. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා. Bio වලින් උසස් පෙළ කළත් Doctor කෙනෙක් වුන හීනය හැබෑවුණේ නැහැ.
සංගීත ක්ෂේත්‍රයට එකතුවෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මුලින්ම මගේ හැකියාවන් හඳුනගන්නෙ සන්දීප් ධර්මවර්ධන, ශයිනි සංගීත කණ්ඩායමේ නායකතුමා වන ජනක දීප්ත මහතා සහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජික ප්‍රසන්න වික්‍රමගේ. ඒ වගේම Rhythm FM හරහා මට ලැබුන ‘පෙම්වතියේ’ ගීතය නිසා ගොඩක් අය මාව හඳුන ගත්තා. ඒ විදියට තමයි ක්ෂේත්‍රයට යොමුවීම සිද්ධවුණේ.
ඔබේ අලුත් ගීතය ගැනත් විස්තර ටිකක් කතා කරමු.
මගේ අලුත් ගීතය තමයි ‘ඔයා වගේ තව කෙනෙක්’. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. විශේෂයෙන් එහිදී මතක් කළ යුතුයි විශාල මුදලක් වැය කර ඒ ගීතයේ වැඩකටයුතු මට කරලා දුන්නේ ජනක දීප්ත අයියා.
ගීත ගායනය නැතිනම් සංගීතය ඔබේ වෘත්තීයද?
ඔව්.
ඔබ සංගීතය පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවාද?
නෑ. පාසලේ 9 ශ්‍රේණිය දක්වා විතරයි මම Music කළේ.
ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඒ පිළිබඳ හැදෑරීමක් අවශ්‍ය නැද්ද?
සංගීත ක්ෂේත්‍රයට ඒක ගොඩක් වැදගත්. නමුත් අත්දැකීම් හා පළපුරුද්ද ලැබුණාම ඒක හැදෑරුවා හා සමානයි.
ඔබගේ වැඩකටයුතු සඳහා පවුලේ අයගෙන් ලැබෙන සහාය ගැන කියමු.
අම්මාගෙන්, මාමාගෙන් සහ මල්ලිලාගෙන් මට උපරිම සහාය ලැබෙනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු සහ වැඩකටයුතු ගැනත් කියමු.
ඉදිරියේදී අලුත් ගීත කිහිපයක්ම එළිදක්වන්න තියෙනවා. ඒ වගේම මගේ බලාපොරොත්තුව තනි ගමනක් යන්න නෙවෙයි. හික්කඩුව ශයිනි සංගීත කණ්ඩායම ලංකාවේ හොඳම සංගීත කණ්ඩායමක් කිරීම තමයි බලාපොරොත්තුව.
ඔබ ආ මේ ගමනේ උදවු උපකාර කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
ඔව් අනිවාර්යයෙන්ම. මුලින්ම මතක්කළ යුත්තේ මම පොඩි කාලෙ ඉඳන් ගොඩක් විඳපු මගේ ආදරණීය අම්මාව. ජනක දීප්ත අයියා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඔහුවත්, සන්දීප් මල්ලි, Rhythm FM ආයතනය සහ Face-book එකේ මගේ යාළුවො සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා.
දිනිත් කණිෂ්ක


