'ඒත් අපි පියාඹමු' සංස්කෘතික උලෙළ යාපනයේදී


2016-10-04-ent-59

යාපනයේ පාසල් දරු දැරියන් ඇතුළු සියලුදෙනාට නව අත්දැකීමක් වශයෙන් ‘ඒත් අපි පියාඹමු’ සංස්කෘතික උලෙළපසුගියදා යාපනය ඉගංකෙයිවේදන් කලා පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

පසුගිය මස 30 වැනිදා සිට 02දා දක්වා පැවැති මෙම සංස්කෘතික කලා උලෙළේදී ප්‍රධාන වශයෙන් චිත්‍රපට කිහිපයක්, සංවාදමය වැඩසටහන්, වීදි නාට්‍ය,ඡායාරූප හා පොත් ප්‍රදර්ශන, කවි රසාස්වාදය හා විචාරය මෙන්ම සාම්ප්‍රදායික බෙර වාදන සංදර්ශනද පැවත්විණි.

මේ අනුව ‘යුද්ධය සහ සිනමාව පිළිබඳ සංවාදමය වැඩසටහනක්, සාහිත්‍යමය වටිනාකමකින් යුත් චිත්‍රපට වන කේසවරාජන්ගේ "අම්මා නල්ලම්මා" නොහොත් අම්මා සුවෙන්ද?, බාලු මහේන්ද්‍රන්ගේ "තලෙයි මුරෙයිගල්" නොහොත් පරම්පරාවද,ධර්මසේන පතිරාජගේ "පොන්මණි" චිත්‍රපටයද, වෙනසක තාරුණ්‍යය විදහා දැක්වෙන වීදි නාට්‍යද, කුලවාදය හා ජාතිවාදය සම්බන්ධයෙන් සංවාදයක්, සිංහල දෙමළ කවිය පිළිබඳ සංවාදයක්, කාටූන් ප්‍රදර්ශනයක් හා චිත්‍ර ප්‍රදර්ශනයක්ද මේ අතර විය.

සම අයිතිය ව්‍යාපාරය මගින් සංවිධානය කළ "ඒත් අපි පියාඹමු" සංස්කෘතික උලෙළටයාපනයේ පාසල් රැසක සිසු සිසුවියන්,ජ්‍යෙෂ්ඨ සිනමා රචකයන්, කථිකාචාර්යවරුන්,කවීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

වවුනියාව- මධුෂංඛ අමරසිංහ

 

2016-10-04-ent-61
2016-10-04-ent-60
2016-10-04-ent-58
2016-10-04-ent-57
2016-10-04-ent-56
2016-10-04-ent-55
2016-10-04-ent-54
2016-10-04-ent-53
2016-10-04-ent-52
2016-10-04-ent-51
2016-10-04-ent-50