'එක්නැලිගොඩ පරික්ෂණයට සහය මදි'


මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට ඩයලොග් සමාගම හා යුධ හමුදාව, අපරාධ පරික්ෂණ දෙපාර්ත්මෙන්තුවටත් අධිකරණයටත් අවශ්‍ය සහය ලබානොදෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ හෝමාගම මහේස්ත‍්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ඒ එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විමර්ශනයට ගත් අවස්ථාවේදි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමිනි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් අංශයේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ නිතිපති දෙපාර්තමේන්තු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ දිලීප පීරිස් මහතා කරන ලද ඉල්ලීමක් අනුව ඩයලොග් සමාගමේ නීති අංශයේ කළමණාකරු පේ‍්‍රමසිරි රත්නායක මහතාට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්නැයි ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.