උතුරේ මහ ඇමැති යාපනයේ හර්තාල් පවත්වමින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලිමට රජය කිසිසේත්ම එකඟ නොවන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා රන්ටැඹේදි ප්‍රකාශ කළේය.
හර්තාල් හා උද්ඝෝෂණ කරමින් ඉල්ලා සිටින අසාධාරණ ඉල්ලීම් ලබාදිය නොහැකි බවත් එසේ නොකරන බවත් රටේ ආරක්ෂාවට අහිතකර කිසිම තීරණයක් නොගන්නා බවත් ඔහු පැවසීය.
උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා සංවිධානය කළ හර්තාලය ගැන ඒ මහතා පැවසූයේ ජාතීන් හා ආගම් අතර සංහිදියාව හා සුහදත්වය වර්ධනය කිරීමට රජය ගන්නා පියවරට මෙවැනි විරෝධතා වලින් බාධා සිදුවන බවයි.