'ඇල්මෙන් අකුරු උගන්වනු මැන දරුවනට'


“ඉස්සර  අපේ  ගුරුවරුන් හොඳට  ඉගැන්වුවා නම්,  අපි  මීට  වඩා  ඉහළ තැන්වල ඉන්නවා නේද කියලා  ඔබට  හිතෙනවා ඇති. අනාගතයේ  දරුවන්ට  එසේ කියන්න ඉඩ තියන්න එපා. ලබන වසරේ  කලාප මට්ටමින් සෑම කලාපයකට  ගුරු  පුහුණූ  මධ්‍යස්ථාන ආරම්භ කරනවා. ගුරු පුරප්පාඩු  සියල්ල සම්පුර්ණ කරනවා ” යැයි  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් මහතා  පැවසුවේය.

තොරතුරු තාක්ෂණික ගුරුවරුන්  200 දෙනෙකුට  , බටහිර  සංගීත ගුරුවරුන් 70 දෙනෙකුට  විද්‍යා පීඨ ගුරුවරුන් 161 දෙනෙකුට පත්වීම්  ප්‍රධානය කිරිමේ  උත්සවයක් අමතමින් ඔහු මේ බව කීවේය.

01 akila_DSC0089 akila_DSC0102