හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වන මොහොමඩ් අසාරුඩීන් සහ වත්මන් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව රැගත් චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වීමට නියමිත අතර, ඒවා නමින් "අසාර්" සහ "M.S. Dhoni: The Untold Story" ය.
ආන්දෝලානාත්මක සිදුවීම් දෙකක් අලළා නිර්මාණය වන මෙම චිත්‍රපට ද්විත්වයේ අසාරුඩීන්ගේ චරිතය එම්රන් හෂ්මි නිරූපණය කරන අතර, මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතය සුසාන්ගේ සිං රාජ්පුට් නිරූපණය කරයි.
පළමුව තිරගත වීමට නියමිතව ඇත්තේ "අසාර්" චිත්‍රපටය බැවින් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එම්රන් හෂ්මිට සිදුව ඇති අතර, මෙම චිත්‍රපට ද්විත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බැවින් සංසන්දනය කිරීමෙන් වළකින ලෙස ඔහු පවසා සිටී.





