අවසන් යුද්ධය පැවති මුලතිව් කේපාපිලව් හි නැවත විනාශ වූ නිවාස වෙනුවට යුද හමුදා ශ්‍රමයෙන් අංග සම්පූර්ණ නිවාස 288 ක් ඉදිකොට මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී.යූ.එස්.විතානගේ අද (25) බාර දුන්නේය.
මෙම නිවාස ඉදිකිරීමේ සිව් වන පියවර වශයෙන් අංග සම්පූර්ණ නිවාස 19ක් මුලතිව් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය හා මුලතිව් ආඥාපති හිමිකරුවනට බාරදුන්හ. කේපාපිලව් ගම්මානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ද විවෘත විය.ගමේ ප්‍රාථමික පාසලට විදුලිය ද සැපැවිණි.
මීට වසර 4 කට පෙර වව්නියාව මණික්ෆාම් අනාථ කඳවුරේ සිටි ජනතාව සහ මුලතිව් කේපාපිලව්,පිලාකුඩිඉරිප්පු , සූරියපුරම්,සීනියාමොට්ටෙයි සහ යාපනය අල්ලරායි හි අවතැන් වූවන් වෙනුවෙන් අංග සම්පූරණ නිවාස 287 ක් ඉදිකිරීම සඳහා නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය විසින් මුලතිව් දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති අධීක්ෂණයෙන් 59 වැනි සේනාංකයේ සේනංකාධිපති සහ 592 බලසේනාධීපතිගේ මෙහෙයවීමෙන් යුද හමුදා සෙබළ ශ්‍රමයෙන් මෙම නිවාස ඉදිවීය.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0112.jpg)
![02[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0221.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/031.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0511.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/061.jpg)
![07[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/071.jpg)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/081.jpg)
![09[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/091.jpg)
